ඔබගේ Mindada ගිණුමේ ඡායාරූපය, ඔබ ගැන අනෙක් අයට ලැබෙන පළමු හැඟීමයි. පැහැදිලි සහ ගෞරවනීය ඡායාරූපයක් තෝරාගැනීමෙන්, ඔබගේ ගිණුමට විශ්වාසය වැඩිවීමත්, ගැළපෙන මිතුරන් සොයාගැනීමත් පහසු වේ.

ඔබට උචිත ඡායාරූප තෝරාගැනීමට පහත මාර්ගෝපදේශය භාවිතා කරන්න.

ඔබට භාවිතා කළ හැකි ඡායාරූප

  • Close-Up Photos

අනෙක් පාර්ශවයට ඔබව පහසුවෙන් හඳුනාගැනීම සදහා මුහුණ පැහැදිලිව, කැමරාවට සෘජුව බලමින් ගත් ඡායාරූපයක් භාවිතා කරන්න.

  • Full View Photos

ඔබේ මුහුණ පැහැදිලිව දැක්වෙන සහ මුළු ශරීරය පෙන්වන ඡායාරූපයක් භාවිතා කිරිම වඩාත් සුදුසු වේ.

ඔබට භාවිතා කළ නොහැකි ඡායාරූප

  • Side View Photos

මුහුණේ කොටසක් පමණක් පෙනෙන ඡායාරූප භාවිතා කිරීමෙන් වළකින්න.

  • Blurred Photos

පැහැදිලි නොවූ ඡායාරූප භාවිතා කිරීමෙන් ඔබව නිවැරදිව හඳුනාගැනීමට අපහසු වේ.

  • Group Photos

අන් අය සමඟ සිටින සමූහ ඡායාරූප භාවිතා කිරිමෙන් වළකින්න. ඔබ පමණක් පැහැදිලිව පෙනෙන ඡායාරූපයක් භාවිතා කරන්න.

  • Watermark Photos

ලාංඡන, අකුරු, හෝ වොටර්මාර්ක් සහිත ඡායාරූප භාවිතා කිරීමෙන් වළකින්න.

🌟 සම්පූර්ණ Mindada ඡායාරූපයක් සඳහා උපදෙස්

  • ඡායාරූප ගැනීමේදි හැකි තරම් ස්වභාවික ආලෝකය භාවිතා කරන්න.
  • පිරිසිදු සහ ගැලපෙන ඇඳුම් භාවිතා කරන්න.
  • සරල පසුබිමක් භාවිතා කරන්න.

මෙම මාර්ගෝපදේශයන් අනුගමනය කර ඔබේ ගිණුම වඩාත් ආකර්ෂණීය කරගන්න.